164
ලෝක විවාහක රූ රැජිනක, රංගන ශිල්පිනියක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, පුරපතිනියක ලෙස ජනාදරයට පත් රෝසි සේනානායක සමඟ ජනප්‍රිය රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක, කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා විසින් පවත්වනු ලබන විශේෂ සංවාදයක් මේ මස 16 වැනි දින (සෙනසුරාදා) ප. ව. 1.15 සිට ප.ව. 3.00 දක්වා සිටි එෆ්. එම්. ‘සවනට ගී මධු’ සිනමා විචිත්‍රාංගයෙන් විකාශය වේ. 0112691992 දුරකතන අංකයෙන් අසන්නන්ට ද ප්‍රශ්න යොමු කළ හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ උපදේශකත්වයෙන් දායක වන ‘සවනට ගී මධු’ ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ගේ නිර්මාණ අධ්‍යක්ෂණයකි.