Home » වෙසක් උත්සවය මෙවර ධවල මන්දිරයේදී සැමරීමට පූර්ව සාකච්ඡාවක්

වෙසක් උත්සවය මෙවර ධවල මන්දිරයේදී සැමරීමට පූර්ව සාකච්ඡාවක්

by sachintha
March 14, 2024 1:23 am 0 comment

 

එළඹෙන මැයි මාසයට යෙදෙන වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ දී සැමරීම සම්බන්ධයෙන් වන පූර්ව සාකච්ඡාවක් පවත්වා තිබේ.

වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ රැස්වීම පවත්වා තිබෙන අතර ධවල මන්දිරයේ සහ අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පසුගිය වසරේ ධවල මන්දිරයේ වෙසක් උත්සවයට සහභාගි වූ, සැලකිය යුතු බෞද්ධ ප්‍රජාවක් සිටින රටවල් නියෝජනය කරන වොෂින්ටන් ඩී.සී. හි තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී ඇත.

ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය පිළිගැනීමේ කතාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව ලොව පුරා වෙසෙන මිලියන 500ක් පමණ වූ බෞද්ධ ජනතාවට ද වෙසක් උත්සවයේ ඇති වැදගත්කම අවධාරණය කර තිබේ.

නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, මොංගෝලියාව සහ කාම්බෝජය රටවල තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපති වැන්ග්මෝ ඩික්සි මහත්මිය, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ යෝජනාව හදවතින්ම අනුමත කර තිබෙන අතර බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සැමරීමට මේ වසරේ සුදුසු උත්සවයක් සංවිධාන කිරීම සඳහා ඔවුන්ගේ නොසැලෙන සහාය දෙන බවට පොරොන්දු වී තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT