ජාත්‍යන්තර කාන්තා දිනයේදී ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය අගයමින්, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අන්කාරා නුවර කාන්තාවන්ට ඔවුන්ගේ නිෂ්පාදන තානාපති කාර්යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමට සත්කාරකත්වය සපයන ලදී. ඒ අනුව අන්කාරාහි තානාපති ප්‍රජාවට මෙන්ම තානාපති කාර්යාල පරිශ්‍රයේ අවට වෙසෙන අනෙකුත් තුර්කි ජාතිකයන්ට ඔවුන්ගේ ගෘහස්ථ කාබනික ආහාර සහ බීම වර්ග මෙන්ම දේශීය හස්ත කර්මාන්ත සහ ඇඳුම් පැලඳුම් හඳුන්වාදීමට එල්මඩග් නගර සභාවේ කාන්තා සමුපකාර 02 ක සාමාජිකාවන්ට අවස්ථාව උදා විය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රදේශවාසීන් සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට තුර්කියේ මෙරට තානාපතිනි හසන්ති දිසානායක මහත්මියගේ අදහසක් අනුව මේ අවස්ථාව සංවිධාන කෙරිණි.