ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් එකමුතු කිරීමේ අරමුණින් Sri Lanka Directory.com නමින් වෙබ් අඩවියක් කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති උත්සවයකදී එළි දැක්විණි.
නිශ්චල දේපොළ ක්ෂේත්‍රයට සහ ඉන් ඔබ්බට කළ දායකත්වය වෙනුවෙන් කීර්තිමත් බහුවිධ සම්මානලාභී ව්‍යවසායකයකු ලෙස Rav Sri ලෙස ප්‍රකට රවීන්ද්‍ර ශ්‍රී පණ්ඩිතරත්න මහතාගේ මූලිකත්වයෙන් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් එකමුතු කිරීමේ අරමුණින් මේ ගෝලීය නාමාවලිය හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකා ඉදිකිරීම් ඉංජිනේරුවන්ගේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා මෙහි සමාරම්භක දේශනය පැවැත්වීය. එහිදී ඔහු සඳහන් කළේ මේ නව වැඩපිළිවෙළින් ශ්‍රී ලාංකිකයන්ට ඒකාබද්ධ ගෝලීය ජාලයක් නිර්මාණය කිරීමේදී Sri Lanka Directory.com තුළින් අවස්ථාව උදාවූ බවයි.
ඔහුගේ ජයග්‍රහණ ගැන සිහිපත් කරමින් පණ්ඩිතරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය.Óවසර 14ක් පුරා සාර්ථක ව්‍යාපාර සමූහයක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පවත්වාගෙන යනවා. දේපළ වෙළෙඳාම් අංශයේ විශේෂඥතාව ප්‍රගුණ කළා වගේම දැනුම් සම්භාරය ලොව පුරා බෙදා හරිමින් කටයුතු කරන වා.
මගේ නව්‍ය ප්‍රවේශය සහ අලෙවිකරණ දක්ෂතාව 2022 දී වික්ටෝරියා දේපළ ආයතනය (REIV) විසින් වසරේ කීර්තිමත් අලෙවිකරු සම්මානය සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දේපළ අධ්‍යාපන අධිකාරිය වන REIA වෙතින් විශිෂ්ටත්වය සඳහා වූ ජාතික සම්මානය (NAFE) විසින් පිළිගනු ලැබීය. ඔස්ට්‍රේලියානු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මෙතරම් කීර්තිමත් මට්ටමකට ළඟා වූ ප්‍රථම ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම්කරු ලෙස ද පත්වුණා.
පණ්ඩිතරත්න මහතා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.Óඅපගේ ප්‍රජාවගේ සාරධර්ම සහ අභිලාෂ සමඟ ගැඹුරින් අනුනාද වන අද්විතීය සහ නිර්මාණය කරන ලද සංකල්ප සහිත සන්නාම නිර්මාණය කිරීමට සමත් වූ බව කියන්න මම නිහතමානීව ආඩම්බර වෙමි. SriLankaDirectory.com එහි කූටප්‍රාප්තියකි. ගමන, ගෝලීය වේදිකාවේ ශ්‍රී ලාංකීය පැවැත්ම ඉහළ නැංවීමේ අරමුණින්.” Sri Lanka Directory.com යනු නාමාවලියකට වඩා වැඩිය.එය ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කරන පාලමක් වන අතර ඔවුන්ගේ සාර්ථකත්වය බෙදාහදා ගැනීමට ඔවුන්ගේ ජාල පුළුල් කිරීමට සහ ඔවුන්ගේ උරුමය සැමරීමට ඔවුන්ට හැකි වේ.
SriLankaDirectory.com නිෂ්පාදනය කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රථම නාමාවලිය සහ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ මාධ්‍ය වන R SP Holdings Pty.Ltd හි ශ්‍රී ලංකා නාමාවලිය විසිනි.
අමතර තොරතුරු www.SriLankaDirectory.com වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.
ජයසිරි මුණසිංහ