නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය මහතා පත් කෙරේ. එයාර් වයිස් මාර්ෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය මහතා නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කිරීමට වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශය මත කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තනතුරට පත්වන තෙක් ඒ මහතා 2022 අගෝස්තු 12 දින සිට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය.
මෙතෙක් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ පී. ඒ. ජයකාන්ත මහතා පසුගිය දා සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුකර ඇත.
වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පත්වීමේ ලිපිය එම අමාත්‍යංශයේ දී ඊයේ (13) දින නිල වශයෙන් ප්‍රදානය කළ කළේය.
එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ද එක්විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධරයකු වන ඒ මහතා, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චත් උපාධිය ද ලබා ඇත.
අමෙරිකාවේ වොෂින්ටන් හා චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලවල වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අතර සිය අරක්ෂක සේවා කාලය තුල ගුවන් නිරුපද්‍රිතතාව, ගුවන් අනතුරු විමර්ශනය, ගුවන්සේවා උපායමාර්ගික කළමනාකරණ වැනි ගුවන්සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ජාත්‍යාන්තර පුහුණුව ලබා ඇති අතර ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් මෙහෙයවනු ලැබූ ගුවන්සේවා කළමනාකරණ ඩිප්ලෝමා, ගුවන්සේවා ගුවන්තොටුපොළ කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලා ද හදාරමින් සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ ද සිය ගුවන් හමුදා ජීවිතය තුල දී පවා අධ්‍යාපනය ලබා ඇත.
වසර 35ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් සේවයක නිරත වෙමින්, ජාත්‍යන්තර පුහුණුවීම් රැසකට සහභාගීවී දීර්ඝ අත්දැකීම් ලබා ඇති ඒ මහතා, එම සේවයෙන් විශ්‍රාම ගන්නා විට ඉහළ පෙළේ වගකීම් හා තනතුරු රැසක් හොබවමින් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ ප්‍රභූ ගුවන් යානා මෙහෙයවමින් ගුවන් පැය 5,000 ඉක්මවූ අත්දැකීම් ලබා ඇති ඒ මහතා අංක 07 හෙලිකොප්ටර බලඝණයේ අණදෙන නිලධාරීවරයා ලෙස ද ආරක්ෂක සේවා විද්‍යාලයේ ප්‍රධාන උපදේශක වරයෙක් ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද දරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත.
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකාව නිදහස් කරගැනීම වෙනුවෙන් ගුවන් නියමුවකු ලෙසත්, පරිපාලන නිලධාරීවරයකු ලෙසත් කීර්තිමත් සේවාවක් ඉටුකර ඇති ඒ මහතා, එම සේවාවන් අගයනු වස් ඇගයීම් සම්මාණ රාශීයකින් පිඳුම් ලබා ඇත.
2022 වසරේ අගෝස්තු මස සිට සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් ද දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය සේවයේ ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරියේ දී නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිවිල් ගුවන්සේවාවේ ප්‍රගමනය උදෙසා කැපවීමට ඒ මහතා අපේක්ෂා කරයි.
සුභාෂිණී සේනානායක