Monday, May 5, 2025
Home » ඇමැති විදුර වික්‍රමනායක තෙලිඟු සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි

ඇමැති විදුර වික්‍රමනායක තෙලිඟු සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි

by sachintha
March 14, 2024 1:25 am 0 comment

ගරාවැටෙමින් පවතින තඹුත්තේගම, කුඩාගම, ඉකිරිවැව තෙලිඟු සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර එහි තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සහ අමාත්‍යංශ නිලධාරීහූ පිරිසක් පෙරේදා (12) තෙලිඟු සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ගියහ.

මෙම සංස්කෘතික මධ්‍යස්ථානය තෙලිඟු ජනතාවගේ උරුමයන් සුරැකීම සඳහා 2011 වසරේ දී විවෘත කරදී ඇති අතර මේ වන විට එය අබලන්වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ද ගිලිහී ගොස් තිබේ.

මෙම ගොඩනැඟිල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ප්‍රදේශයේ ජනතාවගේ අදායම් මාර්ග ඉහළ නංවා ගැනීමට හා ඔවුන් මේ වන තෙක් සිදු කරමින් පැවැති නයි නැටවීම ආදී සංස්කෘතිකමය ක්‍රියාකාරකම්, පුරාවිද්‍යා හා සංචාරක ස්ථානවල පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුම් සලසා දීමට ද එහි දී තීරණය කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම ඉඩම තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පවරා ගැනීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා එහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලංකා දේව සභා දේවස්ථානයේ දේවගැති මොසිස් පියතුමන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අමාත්‍යංශ සංස්කෘතික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් කේ. සෝමරත්න, තෙලිඟු ජන සමුහයේ නායක සහ තෙලිඟු ජනතාව, අමාත්‍යංශ නිලධාරීහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT