Home » මන්නාරම සතොස අසල සමූහ මිනී වළ ගැන අහන්න පුද්ගලයන් අධිකරණයට කැඳවයි

මන්නාරම සතොස අසල සමූහ මිනී වළ ගැන අහන්න පුද්ගලයන් අධිකරණයට කැඳවයි

by sachintha
March 14, 2024 1:25 am 0 comment

මන්නාරම සතොස වෙළඳසල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රත් කේ.එල්.එම් සජීත් මහතා පෙරේදා 12 දා නියෝග කළේය. එම නියෝගයට අනුව මහාචාර්ය රාජ් සෝමදේව, මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, පළාතේ පුරා විද්‍යා නිලධාරිවරයා, ග්‍රාම නිලධාරීවරයා හා යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ සංගමයේ සභාපතිවරයා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය. මන්නාරම සතොස වෙළඳ සැල අසලින් හමු වූ සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි හා කොටස් 113ක් හමු වූ අතර ඒවා මන්නාරම රජයේ රෝහලේ ගබඩා කොට තිබේ. අධිකරණ නියෝග මත මන්නාරම සතොස සමූහ මිනි වළේ කැණීම් කටයුතු අවසන් වූ අතර එම වළද පස් යොදා වසා දමා ඇත. තත්ත්වය මෙසේ තිබිය දී යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ තොරතුරු සොයා බලන සංගමයේ නිලධාරීන් විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා යළි එම නඩුවට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊට අදාළ පාර්ශ්වකරුවන් අධිකරණය හමුවට කැඳවීමට නියෝග කළේය.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT