Home » මාතෘ-ළමා මන්දපෝෂණය නැති කිරීමට IMF හමු වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාතෘ-ළමා මන්දපෝෂණය නැති කිරීමට IMF හමු වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
March 14, 2024 1:30 am 0 comment

ලබන සතියේ IMF හමුවන බවත්, එකම ඉල්ලීම IMF හරහා මාතෘ, ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහනක් ලබා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ පෙරේදා (12) ගම්පහ, දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.

“IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කර මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවන් මුදාගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරනවා.

රජයේ පාසල්වල සියලුම සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරනවා. රටේ අනාගතය දරු පරපුර බැවින් මොවුන්ගේ නිරෝගී සම්පන්නභාවය සුරක්ෂිත කළ යුතුයි.

රටක පාසල් පද්ධතිය ශක්තිමත් වන විට සිරගෙවල් වැසෙන නිසා සක්වළ වැඩසටහන හරහා පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනවා. සමඟි ජන බලවේගයේ මේ ව්‍යායාමය පාසල් වැසීම නොවේ. පාසල් වැහුණොත් සිරගෙවල් 1000ක් බිහි වන නිසා පාසල් 10,126ටම නූතනවාදී සුහුරු නිවැරදි අධ්‍යාපනයක් දීම ඒකායන අරමුණයි.

ලෝකය නව තාක්ෂණයෙන් දියුණු වනවිට එම නව තාක්ෂණය මෙරට අධ්‍යාපනයට නොදීම පාසල් දූ දරුවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එනිසා දරුවන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බලයක් නොමැතිව පාසල් දරුවන්ට අගයක් එකතු කිරීම සක්වළ වැඩසටහනේ ඒකායන අරමුණයි.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT