Home » ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන්වලට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන්වලට ඉන්දියාවේ සහාය

by chanaka
March 16, 2024 9:27 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jah) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණි.

මෙහිදී ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කළේ දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රීලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT