Home » පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි
වනිඳු හතු­රුට වැඩ පෙන්වයි

පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි

by damith
March 16, 2024 1:20 am 0 comment

පැතුම් නිශ්ශංක සහ චරිත් අස­ලංක ගොඩ­නැඟූ වාර්තා­ගත සබ­ඳ­තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ඊයේ චැටෝ­ග්‍රෑ­ම්හිදී පැවති දෙවැනි දිවා රාත්‍රි එක්දින තර­ගය කඩුලු 3කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 1-1 ලෙස සම­කර ගැනී­මට ද ශ්‍රී ලංකා පිලට හැකි විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් බංග්ල­දේ­ශය දුන් ලකුණු 287ක ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ පන්දු 17ක් ඉති­රිව තිබි­යදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 7ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

මුල් කඩුලු 3 (අවිශ්ක 0, මෙන්ඩිස් 16 හා සදීර 1) ලකුණු 43ක් තුළ බිඳ වැටී­මෙන් අන­තු­රුව ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශං­කට එක් වූ චරිත් අස­ලංක ලකුණු 185ක සබ­ඳ­තා­වක් සම­ඟින් ශ්‍රී ලංකා පිල ජය­ග්‍රාහී මාව­තට රැගෙන ගියේය.

පන්දු 183කින් ගොඩ­නැ­ඟුණු මේ සබ­ඳ­තාව වාර්තා අත­රට එක් වූයේ එක්දින තර­ග­ය­කදී ශ්‍රී ලංකා පිල වෙනු­වෙන් සිව්වැනි කඩු­ල්ලට ගොඩ­නැඟූ ඉහ­ළම සබ­ඳ­තාව ලෙසිනි. ඊයේ බිඳ වැටුණේ 1997දී අර්ජුන රණ­තුංග සහ රොෂාන් මහා­නාම විසින් බට­හිර ඉන්දීය කොදෙ­ව්වන්ට එරෙ­හිව ලකුණු 171කින් පිහි­ටුවා තිබූ වාර්තා­වයි.

මුළු ලකුණු 228දී ලකුණු 114ක් රැස් කර සිටි පැතුම් දැවී යෑමෙන් එම සබ­ඳ­තාව නිමා විය. ඊයේ 6 වැනි එක්දින ශත­කය රැස් කළ පැතුම් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබිණි.

තවත් ලකුණු 7ක් එක් වෙද්දී අස­ලං­කගේ ඉනිම ලකුණු 91කට සීමා වූ අතර, ඔහුගේ 12 වැනි එක්දින අර්ධ ශත­කය වූ ඒ සඳහා පන්දු 93කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතු­ළත් විය. 6 වැනි කඩුල්ල ලෙස ජනිත් ලිය­නගේ ලකුණු 9කට දැවී යෑමෙන් පසු වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. වනඳු පන්දු16කින් ලකුණු 25ක් රැස් කළ අතර, දුනිත් නොදැවී ලකුණු 15ක් රැස් කළේය. මේ තර­ග­යේ­දීත් කාසියේ වාසිය සතු වුවද මෙවර පළ­මුව පන්දු යැවී­මට ශ්‍රී ලංකා පිල තීර­ණය කළේය. ඒ අනුව සෞම්‍ය සර්කාර් සම­ඟින් පිටි­යට පිවිසි ලිටොන් දාස්ට මේ තර­ග­යේ­දීත් ලකුණු රැස් කිරී­මට අව­ස්ථා­වක් නොදුන් ඩිල්ෂාන් මධු­ෂංක තෙවැනි පන්දු­වෙන්ම ඔහු යළි ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවු­වේය.

එහෙත් සර්කාර් නායක නජ්මුල් හොසේන් සමඟ එක්ව දෙවැනි කඩු­ල්ලට ලකුණු 75ක සබ­ඳ­තා­වක් පිහි­ටවූ අතර, පළමු තර­ග­යේදී විශිෂ්ට ශත­ක­යක් රැස් කළ නජ්මුල්ගේ ඉනිම ලකුණු 40කට සීමා කිරී­මට මධු­ෂං­කට හැකි විය. මුළු ලකුණු 130ක් වෙද්දී 22 වැනි ඕව­රයේ 2 වැනි පන්දු­වෙන් සර්කාර් (68) දවා­ගත් වනිඳු හස­රංග මහ­මු­දු­ල්ලාහ් මුහුණ දුන් දෙවැනි පන්දු­වෙන්ම යළි ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවී­මට ද සමත් විය. පළමු තර­ග­යේදී ඔහු වනි­ඳුට එරෙ­හිව හයේ පහ­රක් එලල් කළ අතර, එය බංග්ලා­දේශ පුහු­ණු­කරු චන්දික හතු­රු­සිං­හගේ විශේෂ ඇග­යී­ම­කට ද ලක් විය. මහ­මු­දු­ල්ලාහ් ඊයෙත් එවැනි පහ­රක් එල්ල කිරී­මට ගොස් කඩුලු රකින කුසල් මෙන්ඩිස් විසින් ස්ටම්ප් කිරී­මට හසු­කර ගත්තේය.

කෙසේ වෙතත් ඉනිම ගොඩ­නැ­ඟීමේ කාර්යය කරට ගත් තව්හිඩ් හිඩෝයි ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටි­මින් මුළු ලකුණු සංඛ්‍යාව 286 දක්වා ඉදි­රි­යට ගෙන ගියේය. සර්කාර් සම­ඟින් ලකුණු 55ක් එක්කළ හිඩෝයි විශි­ෂ්ටම සබ­ඳ­තාව ගොඩ­නැ­ඟූවේ ටස්කින් අහ­මඩ් සම­ඟින් 8 වැනි කඩු­ල්ල­ටය. ඉන් පෙර මුෂ්ෆි­කර් රහීම් සමඟ ලකුණු 43ක්, ටැන්සිම් හසන් සමඟ ලකුණු 47ක් එක් කිරී­මට ඔහුට හැකි විය. රහීම් ඊයේ ලකුණු 25කට වනි­ඳුගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ටැන්සින් ලකුණු 18ක් රැස් කළේය.

අව­සන් ඕවර 4දී 8 වැනි කඩු­ල්ලට ලකුණු 50ක් එක්කි­රී­මට හිඩෝයි සහ ටස්කින් සමත් වූහ. ටස්කින් ලකුණු 18ක් පම­ණක් රැස් කළ අතර, එහිදී හිඩ්‍රෝයි ලකුණු 31ක් රැස් කළේ පන්දු 13කිනි. ඔහු ඉනිම නිමා වන විට සිය හොඳම එක්දින ඉනිම ලෙස නොදැවී ලකුණු 96ක් රැස් කර තිබුණේ පන්දු 103කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සම­ඟිනි.

බංග්ලා­දේශ ඉනිමේ 27 වැනි ඕව­රයේ පන්දු 4ක් යැවී­මෙන් පසු පාදයේ ආබා­ධ­යක් හේතු­වෙන් ඩිල්ෂාන් මධු­ෂංක (ඕවර 6.4) පිටි­යෙන් ඉවත් විය. එහි අව­සන් පන්දු දෙක යැවී­මට ජනිත් ලිය­නගේ කට­යුතු කළේය.

මේ තර­ග­යේ­දී­ම­හීෂ් තීක්ෂණ වෙනු­වට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට දුනිත් වෙල්ලා­ලගේ කැඳවා තිබූ අතර, බංග්ලා­දේශ කණ්ඩා­යම පළමු තර­ගයට ක්‍රීඩා කළ කණ්ඩා­ය­මම එක් කර තිබිණි.

දෙපිල අතර අව­සන් එක්දින තර­ගය සඳුදා මෙරට වේලා­වෙන් පෙර­වරු 9.30ට චැටෝ­ග්‍රෑ­ම්හි­දීම පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT