Home » අක්කාගේ සැමියා 21 දා දක්වා රිමාන්ඩ්
ඇල්පි­ටිය තරු­ණි­යගේ ඝාත­නය

අක්කාගේ සැමියා 21 දා දක්වා රිමාන්ඩ්

by damith
March 18, 2024 1:03 am 0 comment

බල­පි­ටිය විශේෂ - ජය­කාන්ත ලිය­නගේ

තියුණු ආයු­ධ­ය­කින් පහ­රදී සිය බිරි­යගේ නැඟ­ණිය ඝාත­නය කරන ලදැයි කර­න්දෙ­ණිය පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගන්නා සැක­ක­රු­වන් දෙදෙ­නකු 2024 මාර්තු මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඇල්පි­ටිය මහේ­ස්ත්‍රාත් මධු­ෂිකා වාස­ල­මු­දලි මහ­ත්මිය පසු­ගි­යදා (15) නියෝග කළාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන කර ප්‍රග­තිය වැඩි­දුර වාර්තා­වක් මඟින් උසා­වි­යට ඉදි­රි­පත් කරන ලෙසත් ඝාත­න­යට අනු­බල දීම මත හඳු­නා­ගෙන තිබෙන අනෙක් සැක­කරු ද අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා කර­න්දෙ­ණිය පොලි­සි­යට උප­දෙස් දුන්නේය. මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලද්දේ කන්ද කඩේ පාර, මණ්ඩ­කන්ද, කර­න්දෙ­ණිය ලිපි­නයේ පදිංචි ඩබ්ලිව්. සුදේශ් ප්‍රිය­ද­ර්ශන (37) නමැති අය සහ තරු­ණිය පැහැ­ර­ගෙන යෑමට යොදා ගත් ත්‍රිරෝද රථයේ රියැ­දු­රුය.

මෙලෙස ඝාත­නය කර ඇත්තේ කර­න්දෙ­ණිය පොලිස් වසමේ මණ්ඩ­කන්ද, තල්ග­හ­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි හංසිකා නදී­ෂානි නමැති 17 හැවි­රිදි තරු­ණි­යකි. තියුණු ආයු­ධ­ය­කින් කළ මාරා­න්තික කැපුම් තුවාල සහි­තව මෙම තරු­ණි­යගේ මල සිරුර ඇල්පි­ටිය, කුරු­ඳු­ග­හ­හැ­තැප්ම, නානා­ය­ක්කාර මාවතේ තේ ඉඩ­මක තිබි­යදී පසු­ගිය මාර්තු 09 වැනි දින දහ­වල් ඇල්පි­ටිය පොලි­සිය මඟින් සොයා­ගෙන තිබිණි.

මෙම තරු­ණිය හා සැක­ක­රුගේ බිරිය වන ඇගේ සහෝ­ද­රිය මීට ටික කාල­යක සිට යම් යම් ආර­වුල් සම්බ­න්ධ­යෙන් කර­න්දෙ­ණිය පොලි­සි­යට පැමි­ණිලි කර තිබෙන බව ද කර­න්දෙ­ණිය පොලි­සිය කියයි. මීට අදා­ළව පැමි­ණි­ල්ලක් විභාග කිරී­මට කර­න්දෙ­ණිය පොලි­සි­යට පැමි­ණෙ­මින් සිටි­යදී ඝාත­න­යට ලක් වූ තරු­ණිය සැක­කරු විසින් ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ පැහැ­ර­ගෙන ගොස් තිබෙන බවට ද පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී තහ­වුරු වී තිබේ.

කර­න්දෙ­ණිය පොලි­සිය හා ඇල්පි­ටිය පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වන අතර කර­න්දෙ­ණිය පොලි­සියේ කාන්තා පොලිස් කොස්තා­පල් අනෝමා සඳ­මාලි (9201) සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් නඩු කට­යුතු මෙහෙ­ය­වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT