Home » ජේත­ව­නා­රා­මයේ හත­රැස් කොටුවේ සිට පහ­ළට ගර්භයේ පැළීම් හත­රක්

ජේත­ව­නා­රා­මයේ හත­රැස් කොටුවේ සිට පහ­ළට ගර්භයේ පැළීම් හත­රක්

by damith
March 18, 2024 1:03 am 0 comment

අනු­රා­ධ­පුර විශේෂ - බී. ජී. චතු­රංග
ස්ථූපයේ හත­රැස් කොටුවේ සිට පිපි­රීම් දිස් වන අයුරු.

බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ පටිය ධාතුව තැන්පත් කර ඇති ලොව විශා­ල­තම ගඩො­ලින් තනන ලද ස්ථූපය ලෙස සැල­කෙන අනු­රා­ධ­පුර ජේත­ව­නා­රාම ස්ථූපයේ හත­රැස් කොටුවේ සිට පහ­ළට සතර දෙසින් ස්ථූප ගර්භය මැද්දට විහිදී යන පරිදි සිදුව ඇති පිපි­රීම් හෙවත් පැළීම් විවර ඇතැයි වාර්තාවේ.

මේ පුපුරා යෑම හත­රැස් කොටුවේ සිට පහ­ළට සිදුව ඇති අතර, හිඩැස් තුළින් වර්ෂා කාල­යට ජලය ඇතු­ළු­වීම සහ වියළි කාල­යට ප්‍රසා­ර­ණය වීම හේතු­වෙන් මේ ස්ථූප­යට ද මිරිස වැටිය ස්ථූප­යට මෙන් අන­තු­රක් විය හැකි යැයි බැති­ම­තුන් පිරි­සක් පැවැ­සූහ.

වර්ත­මා­නයේ ජේත­ව­නා­රාම ස්ථූපය ඉදි­කර ඇත්තේ පැරැණි ව්‍යුහය මත නැවත ගඩොල් තැන්පත් කිරී­මෙනි. සංර­ක්ෂණ කට­යුතු සඳහා ඉහ­ළට යා හැකි පරිදි ඉදි­කර ඇති යකඩ බට සහිත ස්ථාන­ව­ලට ගොස් යම් යම් පිරිස් සෙල්ෆි ඡායා­රූප ගන්නා බවට ද චෝද­නා­වක් නැඟේ.

මේ සම්බ­න්ධ­යෙන් අප මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ අධ්‍යක්ෂ ජෙන­රාල් මහා­චාර්ය ගාමිණී රණ­සිංහ මහ­තා­ගෙන් සිදු කළ විම­සී­ම­කදී ඒ මහතා මෙලෙස කියා සිටි­යේය.

“මේ සම්බ­න්ධව සති­පතා නිර­න්තර සොයා බැලීම් සහ පිළි­යම් කර­මින් අවශ්‍ය සියලු කට­යුතු සිදු කර­නවා. මෙවැනි පිපි­රීම් සාමා­න්‍ය­යෙන් සෑම ස්ථූප­ය­කම දැකිය හැකියි. මෙහි ඇති පිපි­රීම් සම්බ­න්ධව විද්වත් කණ්ඩා­ය­මක් සහ ඉංජි­නේ­රු­ව­රුන් පිළි­යම් සිදු කර­නවා. මෙහි පම­ණක් නොව රුව­න්මැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙ­නවා. වසර 2500ක් පමණ පැරණි ඉති­හා­ස­යක් තුළ මෙවැනි දේ සිදු විය හැකියි. ව්‍යූහා­ත්මක මෙන්ම මතු­පිට පිපි­රීම් සිදු වෙනවා.

ස්ථූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්ව­යක් නෑ. පිපි­රීම් කිහි­ප­යක් ඇති නිසා දේශීය විශ්ව­වි­ද්‍යාල කිහි­ප­ය­කින් ඉංජි­නේ­රු­ව­රුන් කණ්ඩා­ය­මක් වශ­යෙන් එක­තුවී උප­දෙස් දෙමින් ජලය අභ්‍ය­න්ත­ර­යට යෑම වළක්වා ආව­ර­ණය දී තිබෙ­නවා. පිස්ම සවි කර සෑම සති­ය­කම ස්ථූපය සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­න­යක් කර­නවා. සංර­ක්ෂණ කට­යුතු සඳහා ඉදි­කර ඇති යකඩ බට සහිත ඉහ­ළට යා හැකි ස්ථානයේ පිට­ස්තර කිසි­ව­කුට සෙල්ෆි ඡායා­රූප ගැනීම සිදු කරන බව කීම සම්පූර්ණ සාවද්‍ය කරු­ණක්. යම් කිසි­වෙක් එව­න්නක් සිදු කළොත් දැඩිව නීතිය ක්‍රියා­ත්මක කර­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT