අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට ප්‍රංශ තානාපති H.E.Jean Francois Pactet මහතා අවබෝධතා ගිවිසුමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා වෙත සංස්කෘතික අමාත්‍යාංශයේදී පසුගියදා (15) ඉදිරිපත් කෙරිණි.
අනුරාධපුර නගරය මෙන්ම අනෙකුත් ඓතිහාසික නගර ද ඩිජීටල්කරණය කිරීම සහ සිතියම්කරණය කිරීම වැදගත් බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
සංරක්ෂණ ක්‍රමවේද හා තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස්, පුහුණු අවස්ථා ශ්‍රී ලංකාව වෙත දෙන්නේ නම් එය ඉතා වටිනා බව, එහිදී ඇමැතිවරයා සඳහන් කළ අතර, ඉදිරියේදී වාර්ෂික පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා මෙරට නිලධාරීන්ට අවස්ථාව දීමට කටයුතු කරන බව ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිස සඳහන් කළහ.
ප්‍රංශ තානාපති දූත පිරිස, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.