Home » අනු­ර­පුර ආක­ර්ෂ­ණ­යට ප්‍රංශ තානා­ප­ති­ගෙන් අව­බෝ­ධතා ගිවි­සු­මක් ඇමැති විදු­රට

අනු­ර­පුර ආක­ර්ෂ­ණ­යට ප්‍රංශ තානා­ප­ති­ගෙන් අව­බෝ­ධතා ගිවි­සු­මක් ඇමැති විදු­රට

by damith
March 18, 2024 1:03 am 0 comment

උපාලි කරු­ණා­රත්න

අනු­රා­ධ­පුර නග­රයේ ආක­ර්ෂ­ණීය බව ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා නග­රය සිති­ය­ම්ක­ර­ණය කර ඩිජී­ට­ල්ක­ර­ණය කිරී­මට ප්‍රංශ තානා­පති H.E.Jean Francois Pactet මහතා අව­බෝ­ධතා ගිවි­සු­මක් බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විදුර වික්‍ර­ම­නා­යක මහතා වෙත සංස්කෘ­තික අමා­ත්‍යාං­ශ­යේදී පසු­ගි­යදා (15) ඉදි­රි­පත් කෙරිණි.

අනු­රා­ධ­පුර නග­රය මෙන්ම අනෙ­කුත් ඓති­හා­සික නගර ද ඩිජී­ට­ල්ක­ර­ණය කිරීම සහ සිති­ය­ම්ක­ර­ණය කිරීම වැද­ගත් බවත්, ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් කැබි­නට් පත්‍රි­කා­වක් යොමු කරන බවත් ඇමැ­ති­ව­රයා එහිදී සඳ­හන් කළේය.

සංර­ක්ෂණ ක්‍රම­වේද හා තාක්ෂ­ණික දැනුම සම්බ­න්ධ­යෙන් වැඩි­දුර උප­දෙස්, පුහුණු අවස්ථා ශ්‍රී ලංකාව වෙත දෙන්නේ නම් එය ඉතා වටිනා බව, එහිදී ඇමැ­ති­ව­රයා සඳ­හන් කළ අතර, ඉදි­රි­යේදී වාර්ෂික පැවැ­ත්වෙන පුහුණු වැඩ­ස­ට­හන් සඳහා මෙරට නිල­ධා­රීන්ට අව­ස්ථාව දීමට කට­යුතු කරන බව ප්‍රංශ තානා­පති ඇතුළු දූත පිරිස සඳ­හන් කළහ.

ප්‍රංශ තානා­පති දූත පිරිස, ජාතික උරුම අංශයේ අති­රේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජය­සිංහ, බුද්ධ­ශා­සන ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය අති­රේක ලේකම් තිලක් හෙට්ටි­ආ­රච්චි යන මහත්ම මහ­ත්මීන් ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT