Home » නායකයො ගෙනාවා ආණ්ඩු මාරු කළා රටට මොකද වෙලා තියෙන්නේ

නායකයො ගෙනාවා ආණ්ඩු මාරු කළා රටට මොකද වෙලා තියෙන්නේ

ජාජබ නායක අනුර කුමාර දිසා­නා­යක

by damith
March 18, 2024 1:03 am 0 comment

උපාලි කරු­ණා­රත්න

මෙම අවු­රුද්ද ඉතාම තීර­ණා­ත්මක අවු­රු­ද්දක් බවත් නව ආණ්ඩු­වක් හදන, නව පාල­න­යක් ගෙනෙන අවු­රු­ද්දක් බවට මේ අවු­රුද්ද පත් කර­ගත හැකි බවත් ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බල­වේ­ගයේ වවු­නි­යාව දිස්ත්‍රික් සමු­ළුව අම­ත­මිනි. මෙය පෙරේදා (16) පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා,

වවු­නි­යාව වැද­ගත් දිස්ත්‍රි­ක්ක­යක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තාව ඉතා සම­ගි­යෙන් ජීවත් වන දිස්ත්‍රි­ක්ක­යක්. දීර්ඝ කාල­යක් මේ රටේ පාල­ක­යන් මේ රට පාල­නය කළා. රටේ ජන­තා­වත් විශාල බලා­පො­රොත්තු තබා­ගෙන ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙර­ළුවා. නාය­කයො ගෙනාවා. නාය­කයො මාරු කළා. රට­ටත් ජන­තා­ව­ටත් සිදු­වෙලා තියෙන්නෙ මොකක්ද? ඔවුන් ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳන්න සමත් වෙලා තියෙ­න­වාද?

නිද­හ­සෙන් පස්සෙ හැම­දාම සිංහල, දෙමළ ජන­තාව තරහා වෙනවා. සිංහල – මුස්ලිම් ජන­තාව තරහා වෙනවා. එකි­නෙකා අතර ගැටුම් ඇති කර­ව­නවා. දියුණු වෙන කිසිදු රටක් ජාති­වාදී ගැටුම් මධ්‍යයේ දියුණු වෙන­වාද? ඉන්දි­යාවේ විවිධ ආගම්, විවිධ භාෂා­වන්, විවිධ සංස්කෘ­තීන් තිබි­යදී අබ්දුල් කලාම් ජනා­ධි­පති වෙනවා. සික් ජාති­ක­යකු අග­මැති ධුර­යට පත් වෙනවා. අද කුල­හීන යැයි සම්මත කාන්තා­වක ජනා­ධි­පති වෙලා තිබෙ­නවා. අදත් මේ වේදි­කාවෙ සිංහල, දෙමළ අය එකට වාඩි­වෙලා ඉන්නවා. මම සිංහ­ලෙන් කතා කර­නවා. කෝකි­ලන් ඒක පරි­ව­ර්ත­නය කර­නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT