Home » කැස්බෑ පැටව් 100ක් පිය­දි­ගම දී මුහු­දට

කැස්බෑ පැටව් 100ක් පිය­දි­ගම දී මුහු­දට

by damith
March 18, 2024 1:10 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ අක්මීමන විශේෂ

අහං­ගම පිය­දි­ගම පදිංචි උපුල් නානා­ය­ක්කාර මහතා විසින් කැස්බෑ බිත්තර තොග­යක් ආරක්ෂා කොට බිහිවූ කැස්බෑ පැට­වුන් සිය දෙනකු මුහු­දට මුදා හැරීම පෙරේදා (16) අහං­ගම පිය­දි­ගම මුහුදු වෙර­ළේදී සිදු කෙරුණි. වෙරළ තීරයේ පිහිටි උපුල් නානා­ය­ක්කාර මහ­තාට අයත් ඉඩ­මක ආර­ක්ෂිත කොටු කීප­යක් ඉදි කොට එම කොටු තුළ කැස්බෑ බිත්තර තැන්පත් කොට පැට­වුන් බිහි­වී­මෙන් පසුව මෙසේ මුහු­දට මුදා හරින ලදි. රාත්‍රී කාලයේ කැස්බෑ­වි­යන් තමාගේ ඉඩම ඉදි­රි­පිට වෙර­ළට පැමිණ බිත්තර දැමූ පසු එම බිත්තර ගෙන­විත් කොටු­වල ආර­ක්ෂි­තව තැන්පත් කරන බවත් එසේ නොක­රන්නේ නම් ජාවා­ර­ම්ක­රු­වන් මෙම බිත්තර රැගෙන ගොස් විකුණා මුදල් ලබා ගන්නා බවත් උපුල් නානා­ය­ක්කාර මහතා පැව­සීය. ප්‍රදේ­ශ­වා­සීන් සහ විදේ­ශි­ක­යන් ඇතුළු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට පැමිණ සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT