අහංගම පියදිගම පදිංචි උපුල් නානායක්කාර මහතා විසින් කැස්බෑ බිත්තර තොගයක් ආරක්ෂා කොට බිහිවූ කැස්බෑ පැටවුන් සිය දෙනකු මුහුදට මුදා හැරීම පෙරේදා (16) අහංගම පියදිගම මුහුදු වෙරළේදී සිදු කෙරුණි. වෙරළ තීරයේ පිහිටි උපුල් නානායක්කාර මහතාට අයත් ඉඩමක ආරක්ෂිත කොටු කීපයක් ඉදි කොට එම කොටු තුළ කැස්බෑ බිත්තර තැන්පත් කොට පැටවුන් බිහිවීමෙන් පසුව මෙසේ මුහුදට මුදා හරින ලදි. රාත්රී කාලයේ කැස්බෑවියන් තමාගේ ඉඩම ඉදිරිපිට වෙරළට පැමිණ බිත්තර දැමූ පසු එම බිත්තර ගෙනවිත් කොටුවල ආරක්ෂිතව තැන්පත් කරන බවත් එසේ නොකරන්නේ නම් ජාවාරම්කරුවන් මෙම බිත්තර රැගෙන ගොස් විකුණා මුදල් ලබා ගන්නා බවත් උපුල් නානායක්කාර මහතා පැවසීය. ප්රදේශවාසීන් සහ විදේශිකයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
කැස්බෑ පැටව් 100ක් පියදිගම දී මුහුදට
by damith
March 18, 2024 1:10 am
0 comment
දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ අක්මීමන විශේෂ
120