බොරැල්ල ටි 20 වත්ත ප්‍රදේශයේ කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල් ලක්ෂ 5කට ආසන්නයෙන් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12805ක්, විද්‍යුත් තරාදියක් සහ කඩු දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සැකකරු පදිංචි නිවස තුළ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කුලී වැඩවල නිරත වෙමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බව පොලිසිය පවසයි. 37 හැවිරිදි සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. එල්. ආර්. මදුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.