රුහුණු කතරගම දේවාලයේ පවුම් 38ක් බර රන් තැටියක් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවිමට එම දේවාලයේ ප්රධාන බස්නායක නිලමේවරයා පියවර ගෙන තිබේ.
රුහුණු කතරගම මහා දේවාලයට පුජා කළ පවුම් 38ක් බරින් යුත් රත්රන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට මෙම දෙදෙනාට චෝදනා එල්ලවී ඇත.
කතරගම දේවාලයේ ප්රධාන කපුවා ලෙස කටයුතු කළ සොමිපාල තිමිලත් රත්නායක හා මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්රියන්ත යන දෙදෙනාගේ තනතුරු විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ සිට ක්රියාත්මක වන පරිදී මෙසේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම දෙදෙනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් කේ පී සිරිබද්ධන මහතා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාට ලිඛිතව දැනුම් දී තිබුණි.
ඒ අනුව සිදුකළ පරික්ෂණවලට අදාළව මෙම තිරණය ගත් බව බස්නායක නිලමේවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.