Friday, May 16, 2025
Home » චීනය ආර­ක්ෂක කට­යු­තු­ව­ලට ඩොලර් බිලි­යන 231ක් වෙන් කරයි

චීනය ආර­ක්ෂක කට­යු­තු­ව­ලට ඩොලර් බිලි­යන 231ක් වෙන් කරයි

by Gayan Abeykoon
March 19, 2024 1:14 am 0 comment

මේ  වස­රේදී සිය ආර­ක්ෂක විය­දම් සැල­කිය යුතු ලෙස ඉහළ දැමී­මට චීන රජය තීර­ණය කර  ඇතැයි ද, එය දකුණු චීන මුහුදු කලා­පයේ උණු­සුම ඉහළ යෑමට හේතු­වනු ඇතැයි ද  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අස­ල්වැසි රට­වල් දකුණු මුහුදේ චීන ආක්‍ර­ම­ණ­යට  එරෙ­හිව ප්‍රති­චාර දක්ව­මින් සිටින අතර, තායි­වා­න­යට අම­ත­රව පිලි­පී­නය සමඟ ද  දකුණු චීන මුහුදේ ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධව අර්බුද රැස­කට මැදි­හත්ව සිටින චීනය  සිය ආර­ක්ෂක විය­දම් ඉහළ දැමීම එම මුහුදු කලා­පය ඉලක්ක කර­මින් සිදු කර ඇති  බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

චීන ජනා­ධි­පති ෂි ජින්පින්ගේ දස­ව­ස­රක පාලන  කාලය තුළ චීනයේ ආර­ක්ෂක විය­දම් දෙගු­ණ­ය­ක­ටත් වඩා ඉහළ ගොස් ඇතැයි හොංකොං පෝස්ට්  පුවත් සේවය වාර්තා කළේය. මේ වස­රේදී චීනය සිය ආර­ක්ෂක විය­දම් සඳහා අමෙ­රි­කානු  ඩොලර් බිලි­යන 231ක් වෙන් කර ඇතැයි ද, මහ­ජන විමුක්ති හමු­දාව නවී­ක­ර­ණය  කිරී­මත් ඊට ඇතු­ළත්ව ඇතැයි ද හොංකොං පෝස්ට් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා  කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT