ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙරේදා රාත්රියේදී ගාසා තීරයේ අල් ෂිෆා රෝහල වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සඳහා යුද ටැංකි සහ බර අවි භාවිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට අල් ෂිෆා රෝහල භාවිත කර ඇතැයි ද, මේ වන විට එම රෝහලේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගෙන ඇතැයි ද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව අල් ෂිෆා රෝහල වට කළ අවස්ථාවේදී එම රෝහලේ දහස් සංඛ්‍යාත පලස්තීන වැසියන් ආරක්ෂක රැකවරණ ලබමින් සිටි බවත්, රෝහල වැටලීමත් සමඟ එම පිරිස හිස් ලූ ලූ අත දිව ගිය බවත් වැඩිදුරටත් වාර්තා වේ. රෝහල් භූමියේ සිට රූපවාහිනී විස්තර විචාරයේ නිරතව සිටි අල් ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහ ඔවුන්ගේ විද්‍යුත් උපකරණ රැසක් ද ඊශ්‍රායල හමුදාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. වයහාම මානුෂීය රැකවරණය ස්ථාපිත කර ඇති ස්ථාන කරා පලා යන ලෙස රෝහලේ පාලනය සියතට ගැනීමෙන් පසු ඊශ්‍රායල හමුදාව පලස්තීන ජනතාවට නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.