පාසල් නිවාසාන්තර ක්රීඩා තරගවලට සහභාගි වන පාසල් සිසුන්ට හොර රහසේ විකිණීම සඳහා බලපත්ර නොමැතිව රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා කංසා මිශ්ර මෝදක ගුළි 155ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු හාලිඇළ, බෝගහමඩිත්ත ප්රදේශයේ දී පෙරේදා (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිසිය පවසයි.
කංසා මිශ්ර මෝදක ගුළි අලෙවි කරන අලෙවි ප්රවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිට ඇති මොහු පිළිබඳව ලැබුණු තොරතුරක් මත හාලිඇළ පොලිසියේ නිලධාරීන් පෙරේදා (17) හාලිඇළ බෝගහමඩිත්ත ප්රදේශයේ සිදු කළ වැටලීමක දී හාලිඇළ බෝගහමඩිත්ත ජයන්තිපුර ප්රදේශයේ දී සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු රාගල, හල්ග්රනොඔය ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවත් දැනට තාවකාලිකව හාලිඇළ, බෝගහමඩිත්ත, ජයන්තිපුර ප්රදේශයේ කුලී නිෙවසක මොහු නතර වී සිටින බවද පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්රශ්න කිරීමේදී ඔහු නතර වී සිටි කුලී නිෙවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා කිලෝ 15, 1/2ක් පමණ බර කංසා මිශ්ර මෝදක ගුළි පැකට් 155ක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
මොහු අලෙවි ප්රවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිටිමින් හාලිඇළ, බදුල්ල නගරවල සහ ඒ ආශ්රිතව මේ දිනවල පැවත්වෙන පාසල් නිවාසාන්තර ක්රීඩා තරගවලට සහභාගි වන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් පාසල් සිසුනට මෙසේ හොර රහසේ මෝදක ගුළි විකුණා ඇති බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය ප්රදේශයෙන් මොහු මෙසේ කංසා මිශ්ර මෝදක ගුළි ගෙනවිත් ඇති බවත්, ඒවා විකිණීමට ළඟ තබා ගැනීමට මොහුට කිසිදු බලපත්රයක් නොතිබුණු බවත් පොලිසිය සඳහන් කර සිටියේය.