Saturday, May 17, 2025
Home » ලක්ෂ 4ක් වටිනා කංසා මිශ්‍ර මෝදක ගුළි 155ක් අත්අ­ඩං­ගු­වට

ලක්ෂ 4ක් වටිනා කංසා මිශ්‍ර මෝදක ගුළි 155ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
March 19, 2024 1:10 am 0 comment

සොර­ණා­තොට සමූහ සී. ගමගේ

පාසල් නිවා­සා­න්තර ක්‍රීඩා තර­ග­ව­ලට සහ­භාගි වන පාසල් සිසුන්ට හොර රහසේ විකි­ණීම සඳහා බල­පත්‍ර නොමැ­තිව රුපි­යල් ලක්ෂ 4ක් පමණ වටිනා කංසා මිශ්‍ර මෝදක ගුළි 155ක් ළඟ තබා ගෙන සිටි පුද්ග­ල­යකු හාලි­ඇළ, බෝග­හ­ම­ඩිත්ත ප්‍රදේ­ශයේ දී පෙරේදා (17) පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව හාලි­ඇළ පොලි­සිය පව­සයි.

කංසා මිශ්‍ර මෝදක ගුළි අලෙවි කරන අලෙවි ප්‍රව­ර්ධන නිල­ධා­රි­යකු ලෙස පෙනී සිට ඇති මොහු පිළි­බ­ඳව ලැබුණු තොර­තු­රක් මත හාලි­ඇළ පොලි­සියේ නිල­ධා­රීන් පෙරේදා (17) හාලි­ඇළ බෝග­හ­ම­ඩිත්ත ප්‍රදේ­ශයේ සිදු කළ වැට­ලී­මක දී හාලි­ඇළ බෝග­හ­ම­ඩිත්ත ජය­න්ති­පුර ප්‍රදේ­ශයේ දී සැක­කරු මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබි­ණැයි පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු රාගල, හල්ග්‍ර­නො­ඔය ප්‍රදේ­ශයේ පදිංචි 42 හැවි­රිදි පුද්ග­ල­යෙකු බවත් දැනට තාව­කා­ලි­කව හාලි­ඇළ, බෝග­හ­ම­ඩිත්ත, ජය­න්ති­පුර ප්‍රදේ­ශයේ කුලී නි‍ෙව­සක මොහු නතර වී සිටින බවද පොලි­සිය පව­සයි.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන සිදු කළ ප්‍රශ්න කිරී­මේදී ඔහු නතර වී සිටි කුලී නි‍ෙවසේ සඟවා තිබූ රුපි­යල් ලක්ෂ 4ක් පමණ වටිනා කිලෝ 15, 1/2ක් පමණ බර කංසා මිශ්‍ර මෝදක ගුළි පැකට් 155ක් අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලි­සිය සඳ­හන් කළේය.

මොහු අලෙවි ප්‍රව­ර්ධන නිල­ධා­රි­යකු ලෙස පෙනී සිටි­මින් හාලි­ඇළ, බදුල්ල නග­ර­වල සහ ඒ ආශ්‍රි­තව මේ දින­වල පැව­ත්වෙන පාසල් නිවා­සා­න්තර ක්‍රීඩා තර­ග­ව­ලට සහ­භාගි වන පාසල් සිසුන් ඉලක්ක කර ගනි­මින් පාසල් සිසු­නට මෙසේ හොර රහසේ මෝදක ගුළි විකුණා ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය විනැයි පොලි­සිය පව­සයි.

ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශ­යෙන් මොහු මෙසේ කංසා මිශ්‍ර මෝදක ගුළි ගෙන­විත් ඇති බවත්, ඒවා විකි­ණී­මට ළඟ තබා ගැනී­මට මොහුට කිසිදු බල­ප­ත්‍ර­යක් නොති­බුණු බවත් පොලි­සිය සඳ­හන් කර සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT