Home » නිවා­සා­න්තර ක්‍රීඩා තර­ගය දා යට­ගල විදු­හලේ විදු­හ­ල්පති කාම­රය හොරු කඩලා

නිවා­සා­න්තර ක්‍රීඩා තර­ගය දා යට­ගල විදු­හලේ විදු­හ­ල්පති කාම­රය හොරු කඩලා

by Gayan Abeykoon
March 19, 2024 1:00 am 0 comment

බෙන්තොට - එස්. මද්දෙ­වි­තාන අහු­න්ගල්ල සමූහ - අනුර යස­මිත්

ඌර­ග­ස්ම­න්හ­න්දිය යට­ගල මහා විද්‍යා­ලයේ කාර්යා­ලයේ ඉබි යතුරු කඩා දමා එහි තිබූ විදු­හලේ ආලේප කිරී­මට ගෙනැ­විත් තිබූ තීන්ත ඇතුළු භාණ්ඩ තොග­යක් සොරා­ගෙන ගොස් ඇති බවට පෙරේදා (17) පැමි­ණි­ල්ලක් ලැබී ඇතැයි ඌර­ග­ස්ම­න්හ­න්දිය පොලි­සිය සඳ­හන් කරයි.

සොරා­ගෙන ගිය භාණ්ඩ අතර ශබ්ද විකා­ශන යන්ත්‍රයේ ඈම්ප් එක, බෆල් දෙකක් සහ ලීටර් හතරේ තීන්ත ටින් පහක් තිබී ඇති බවද පොලි­සිය පව­සයි.

පසු­ගිය සිකු­රාදා මෙම විදු­හලේ නිවා­සා­න්තර ක්‍රීඩා තර­ගය පවත්වා ඇති අතර එදින රාත්‍රියේ හෝ පසු­දින රාත්‍රියේ මෙම සොර­කම සිදු­කර ඇතැයි යට­ගල මහා විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­රයා පෙරේදා (17) ඌර­ග­ස්ම­න්හ­න්දිය පොලි­සි­යට පැමි­ණිලි කර ඇත.

සොර­කම සම්බ­න්ධ­යෙන් ඇඟිලි සල­කුණු සට­හන් වාර්තා ගැනී­මට කට­යුතු යොදා ඇති බව ද පොලි­සිය පැව­සීය. ඌර­ග­ස්ම­න්හ­න්දිය පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT