Home » අනුරාධපුරයේ පාසල් ක්‍රීඩි­කා­වක් කලක් තිස්සේ සමූහ දූෂ­ණ­යට ලක්වෙලා
සැක­කාර 11ක් අල්ලන්න සොයයි

අනුරාධපුරයේ පාසල් ක්‍රීඩි­කා­වක් කලක් තිස්සේ සමූහ දූෂ­ණ­යට ලක්වෙලා

කර­ණ­වෑ­මි­යෙක් සහ සැක­ක­රු­වෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
March 19, 2024 1:11 am 0 comment

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද

ක්‍රීඩා රැසක දස්කම්පෑ දැරිය ජාතික මට්මේ තරග ජය­ග්‍රා­හි­කා­වක්

අනු­රා­ධ­පුර නග­රයේ ප්‍රසිද්ධ පාස­ලක 9 වන ශ්‍රේණියේ අධ්‍යා­ප­නය ලබන 14 හැවි­රිදි බාල වය­ස්කාර පාසල් සිසු­වි­යක කලක සිට වරින් වර රංචු ගැසී දූෂ­ණය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­රණ හමු­වට ඉදි­රි­පත් කළ කර­ණ­වෑ­මි­යෙකු සහ තවත් සැක­ක­රු­වෙකු මේ මස 28 වන දින දක්වා රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාර­යට පත්වූයේ අනු­රා­ධ­පුර යාප­නය හංදිය රත්න­සිරි සැලූන්හී ප්‍රධාන කර­ණ­වෑ­මියා වන 57 හැවි­රිදි ඩී. එම්. තිල­ක­රත්න සහ අනු­රා­ධ­පුර මිහි­න්තලේ පාර කොහි­ල­කො­ටුව ලිපි­නයේ අනිල් පිය­රත්න යන සැක­ක­රු­චෝය.

සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ උප පොලිස් පරි­ක්ෂක ඒ. සී. දයා­නන්ද මහතා පැව­සුවේ 14 හැවි­රිදි බාල වය­ස්කාර පාසල් සිසු­වි­යක පුද්ග­ල­යන් පිරි­සක් වරින් වර දූෂ­ණය කරන බවට ලද තොර­තු­ර­කට අනුව වින්දිත දැරිය පොලිස් භාර­යට ගෙන ඇය­ගෙන් ලබා­ගත් ප්‍රකාශ ඔස්සේ මූලික විම­ර්ශන මෙහෙ­යවා මෙම සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බවයි.

පළමු සැක­කාර ඩී. එම්. තිල­ක­රත්න නමැ­ත්තාට අයත් යාප­නය හංදියේ පිහිටි රත්න­සිරි සැලූන්හී පිටු­පස කාම­ර­යක් තුළදී සැක­ක­රු­වන් මෙම අප­රා­ධය සිදු කර ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළි විණැයි ද අධි­ක­ර­ණ­යට කියා සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා වරින් වර දැරිය දූෂ­ණය කර ඇති තවත් සැක­ක­රු­වන් 11 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට සිටින බවත් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිස් කණ්ඩා­ය­මක් මෙහෙ­යු­මක් අරඹා ඇති බවත් එම සැක­ක­රු­වන් 11 දෙනාද නොප­මාවා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන බවත් කීය.

සැක­ක­රු­වන් විසින් බර­ප­තළ ලෙස දූෂ­ණය කර ඇති 14 හැවි­රිදි දැරිය පොලි­සි­යට ලබා දී ඇති ප්‍රකා­ශයේ සඳ­හන් වන්නේ මෙම සැක­ක­රු­වන් දෙදෙ­නාට අම­ත­රව ඇය දූෂ­ණය කළ අනෙ­කුත් සැක­ක­රු­වන් අතර, එක්තරා පොලිස් ස්ථාන­යක ළමා හා කාන්තා කාර්යං­ශ­යක සේවය කරන උප පොලිස් පරි­ක්ෂ­ක­ව­රි­ය­කගේ 70 හැවි­රිද පියකු ද සිටින බවයි.

මෙම සිසු­විය දැල්පන්දු හා පාපන්දු ල් ක්‍රිකට් සහ එල්ලේ පාසල් මට්ටමේ සහ ජාතික තර­ග­ව­ලට සහ­භාගි වී ජය­ග්‍ර­හණ හිමි­ක­ර­ගත් දැරි­යක බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළිව තිබේ. අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාගේ සෘජු අධී­ක්ෂ­ණය යටතේ අනු­රා­ධ­පුර මූල­ස්ථන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්. එම්. ජය­වීර මහ­තාගේ උප­දෙස් මත අනු­රා­ධ­පුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි ප්‍රධාන පොලිස් පරී­ක්ෂිකා චාමනී දිසා­නා­යක, අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි ප්‍රධාන පොලිස් පරී­ක්ෂිකා යමුනා කාන්ති, උප පොලිස් පරි­ක්ෂක ධන­පාල සහ සැර­යන් වන (48342) රංජිත්, (69515) තිල­ක­රත්න, (11742) නව­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අනෙ­කුත් සැක­ක­ර­ව­රුන් 11 දෙනා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT