Home » රිටු­ක්සි­මැබ් පිළිකා ඔසුවේ ප්‍රමි­තිය සොයන්න කමි­ටු­වක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල්

රිටු­ක්සි­මැබ් පිළිකා ඔසුවේ ප්‍රමි­තිය සොයන්න කමි­ටු­වක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල්

by Gayan Abeykoon
March 19, 2024 1:14 am 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

පිළිකා රෝගීන්⁣ට ලබා­දෙන රිටු­ක්සි­මැබ් (Rituximab) ඖෂ­ධයේ ප්‍රමි­තිය සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට කමි­ටු­වක් පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන මහතා ‘දින­මිණ’ට ඊයේ (18) පැව­සීය.

විද්වත් සාමා­ජි­ක­යන් හය­දෙ­න­කු­ගෙන් යුක්ත මෙම කමි­ටුව මේ සතියේ පත් කළ බව ද ඒ මහතා පැව­සු­වේය.

ඇතැම් පිළිකා සඳහා ප්‍රමි­ති­යෙන් තොර ඖෂධ ලබා දෙන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යං­ශ­යට වාර්තා වී ඇති අතර ඒ අනුව ඒ සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට මෙම කමි­ටුව පත් කර තිබේ.

මෙම ඖෂ­ධය භාවිත කළ රෝගීන් සම්බ­න්ධ­යෙන් සොයා බලා තොර­තුරු වාර්තා කිරීම පත් කළ කමි­ටු­වෙන් සිදු කරන බව ද ඒ මහතා කීය.

මෙම ඖෂ­ධයේ හදිසි මිලදී ගැනීම් වහා නතර කිරී­මට ද සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය තීර­ණය කර ඇති බවට වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT