පිළිකා රෝගීන්ට ලබාදෙන රිටුක්සිමැබ් (Rituximab) ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිනමිණ’ට ඊයේ (18) පැවසීය.
විද්වත් සාමාජිකයන් හයදෙනකුගෙන් යුක්ත මෙම කමිටුව මේ සතියේ පත් කළ බව ද ඒ මහතා පැවසුවේය.
ඇතැම් පිළිකා සඳහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දෙන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා වී ඇති අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම කමිටුව පත් කර තිබේ.
මෙම ඖෂධය භාවිත කළ රෝගීන් සම්බන්ධයෙන් සොයා බලා තොරතුරු වාර්තා කිරීම පත් කළ කමිටුවෙන් සිදු කරන බව ද ඒ මහතා කීය.
මෙම ඖෂධයේ හදිසි මිලදී ගැනීම් වහා නතර කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට වාර්තා වේ.