Saturday, May 17, 2025
Home » ගෙවල් බිඳ පුතා ගේන හොර බඩු අම්මා උකස් කරලා

ගෙවල් බිඳ පුතා ගේන හොර බඩු අම්මා උකස් කරලා

දෙන්නම කුඩුවේ

by Gayan Abeykoon
March 19, 2024 1:10 am 0 comment

මුල්ලේ­රි­යාව සිරි­සේන ගමගේ

වැල්ල­ම්පි­ටිය පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පිරි­සක් අප­රාධ නිවා­රණ මෙහෙ­යුම් කට­යු­තු­වල නිර­තව සිටි­යදි මහ­මඟ ගමන් කර­මින් සිටි සැක කට­යුතු පුද්ග­ල­යෙකු පරී­ක්ෂා­වට ලක් කිරීමේ දී ඔහු සන්ත­කයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 ක් සොයා ගානි­මට හැකි වි තිබේ.

සැක­ක­රු­ගෙන් වැඩි දුර­ටත් සිදු කරන ලද ප්‍රශ්න කිරිම් වලදි නිවාස තුනක් බිද දේපළ සොරා ගැනිම් පිළි­බ­ඳව හෙළි වි තිබේ.

ඒ අනුව පෙබ­ර­වාරි මස 05 වැනිදා එක් නිවෙ­සක් ද පෙබ­ර­වාරි මස 27 වැනි දින නිවෙස් දෙකක් ද මෙලෙස කොල්ල කා ඇති බව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. එලෙස කොල්ලකා විවිධ පුද්ග­ල­යන්ට විකුණා සහ උකස් කර තිබු ලැප්ටොප් පරි­ග­ණක 2ක් ද ජංගම දුර­ක­තන 2ක් ද සොයා­ගෙන ඇති අතර සැක­ක­රුගේ පෙන්වා දීම පරිදි පිට­කො­ටුවේ ත්‍රිවි­ලර් රථ­යක තිබී සොරා ගෙන ඇති ජංගම දුර­ක­ත­න­යක් ද සොයා­ගෙන ඇත.

ඔහු විසින් සොර­කම් කරන භාණ්ඩ ඔහුගේ මව විසින් විවිධ පුද්ග­ල­යන්ට උකස් කරන බව අනා­ව­ර­ණය වීම හේතු­වෙන් මව ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. 27 හැවි­රිදි මෙම සැක­කරු වසර තුනක පමණ කාල­යක සිට වැල්ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ කුලී නිවා­ස­වල ජීවත් වන බව ද පැවසේ.

සැක­කරු ⁣ සහ ඔහුගේ මව ද ඊයේ (18) දින අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.  වැල්ල­ම්පි­ටිය පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉසුරු ශාමික මහතා ඇතුළු නිල­ධා­රීහූ විම­ර්ශන කට­යුතු සිදු කර­ගෙන යති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT