Home » බංග්ලා­දේ­ශයට තර­ගා­වලි ජය
මංගල ශත­කය සමඟ ජනිත් ලිය­නගේ හුදෙ­කලා සට­නක

බංග්ලා­දේ­ශයට තර­ගා­වලි ජය

by Gayan Abeykoon
March 19, 2024 1:30 am 0 comment

ශ්‍රී ලංකා පිල සමඟ ඊයේ චිතගොං නුවර පැවැති තුන්වැනි හා අව­සන් එක්දින තර­ග­යෙන් කඩුලු 4ක ජයක් වාර්තා කළ බංග්ලා­දේශ පිල තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 2-1කින් ජය ගැනී­මට සමත් විය. දෙපිල අතර වසර 22ක එක්දින තර­ගා­වලි ඉති­හා­සයේ ශ්‍රී ලංකා පිල බංග්ලා­දේ­ශය හමුවේ තර­ගා­ව­ලි­යක් පරා­ජ­යට පත් වූ දෙවැනි අව­ස්ථාව ලෙසත්, මේ වස­රේදී ශ්‍රී ලංකා පිල පරා­ජය වූ පළමු එක්දින තර­ගා­ව­ලිය ලෙසත් එය වාර්තා වේ. මීට පෙර 2021 වසරේ ශ්‍රී ලංකා පිලේ බංග්ලා­දේශ සංචා­රය අත­ර­තුර පැවැති එක්දින තර­ගා­ව­ලි­යෙන් බංග්ලා­දේශ පිල තරග 2-1කින් ජය­ග­ත්තේය.

තීර­ණා­ත්මක තර­ග­යට අවශ්‍ය ආකා­රයේ පිති­හ­ර­ඹ­යක නිරත නොවූ ශ්‍රී ලංකා පිල පළ­මුව පන්දු­වට පහර දී ඕවර 50 අව­සා­නයේ සිය­ලු­දෙනා දැවී රැස් කළ ලකුණු 235 හඹා ගිය බංග්ලා­දේශ පිති­ක­රු­වන් තර­ගය ජය­ගත්තේ ඕවර 40කුත්, පන්දු 2කදී කඩුලු 6ක් වැය කර­මිනි. ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිති­ක­රු­වන් අසා­ර්ථක වෙද්දී අංක 6 ස්ථාන­යෙන් පිටි­යට පැමිණි ජනිත් ලිය­නගේ හුදෙ­කලා සට­නක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමා­වෙන් ඔබ්බට රැගෙන ගිය අතර, සිය මංගල එක්දින ශත­කය වාර්තා කිරි­මට ද සමත් විය. මේ වසරේ ජන­වා­රි­යේදි සිම්බාබ්වේ පිලට එරෙ­හිව එක්දින තරග වරම් ලැබූ 28 හැවි­රිදි ජනිත් ලිය­නගේ පන්දු 102කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101කි.

ලකුණු 236ක ඉලක්ක හඹා ගිය බංග්ලා­දේශ පිලේ මුල් පෙළ පිති­ක­රු­වන් දැඩි පීඩ­න­ය­කට ඇද දැමූ ළහිරු පෙරේරා කඩුලු 4ක් දවා­ල­මින් ප්‍රති­වාදී පිති­ක­රු­වන් මෙල්ල කිරී­මට සමත් වූවද, ලකුණු 84ක් රැස් කළ ආර­ම්භක පිති­කරු ටන්සිඩ් හසන් සහ මැද­පෙ­ළින් පිටි­යට පැමිණි ජ්‍යෙෂ්ඨ පිති­කරු මුෂ්ෆි­කුර් රහීම් බංග්ලා­දේශ ජය­ග්‍ර­හ­ණ­යට අඩි­තා­ලම දැමී­මට සමත් වූහ. එහෙත් බංග්ලා­දේශ ක්‍රීඩ­ක­යන්ගේ පන්දු යැවී­මත්, පිති­හ­ර­ඹ­යත් තර­ගය පුරා කැපී පෙනුණු අතර, ශ්‍රී ලංකා පිලේ ලකුණු 235 ආව­ර­ණය කර­ගැ­නී­මට පන්දු යව­න්නන් ගත් උත්සා­හය මුළු­ම­නින්ම අසා­ර්ථක වූයේ 37 වැනි ඕව­ර­යේදී පිටි­යට පිවිසි 21 හැවි­රිදි රිෂාඩ් හොසේන් පිටි­යට පිවි­සී­මත් සම­ඟය. ඒ වන විට බංග්ලා­දේශ පිල කඩුලු 5ක් අතැ­තිව පන්දු 83කදි ලකුණු 58ක් හඹා යමින් සිටි අතර, සිය දෙවැනි එක්දින තර­ග­යට ක්‍රීඩා කළ අඩි 6කුත්, අඟල් 5ක් උසැති මේ පන්දු යවන්නා පන්දු 18කින් නොදැවී ලකුණු 48ක් රැස් කර­මින් සිය කණ්ඩා­යමේ ජය­ග්‍ර­හ­ණය ඉක්මන් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එල්ල කර­මිනි. තර­ගයේ වීරයා සම්මා­නය හිමි­වූයේ ද ඔහු­ටය.

බංග්ලා­දේශ ඉනිමේ 37 වැනි ඕව­රය යැවූ වනිඳු හස­රංග සිය පළමු පන්දු­වෙන් ලකුණු 25ක් ලබා සිටි මෙහ්දි හසන් දවා­ලී­මෙන් පසු පිටි­යට පිවිසි රිෂාඩ් ලකුණු ලබා­ගැ­නීම ආරම්භ කළේ සිය පළමු පන්දු­ව­ටම වනි­ඳුට දැවැන්ත හයේ පහ­රක් එල්ල කර­මිනි. එම ඕව­ර­යේ­දීම සිව්වැනි පන්දු­වට හතරේ පහ­රක් සහ පස්වැනි පන්දු­වට හයේ පහ­රක් එල්ල කර­මින් හස­රංග පීඩ­න­ය­කට ඇද දැමූ මේ යොවුන් පිති­ක­රුවා වනිඳු විසින් යවනු ලැබූ ඉනිමේ 40 වැනි ඕව­ර­යෙන් ලකුණු 24ක්ම උදුරා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සම­ඟිනි.

පිට පිට තුන්වැනි වර­ටත් කාසියේ වාසිය දිනූ කුසල් මෙන්ඩිස් පළ­මුව පන්දු­වට පහර දීමට ගත් තීර­ණ­යෙන් සාර්ථක ඵල නෙළා ගැනී­මට ආර­ම්භක පිති­ක­රු­වන් අස­මත් වූ අතර, බංග්ලා­දේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිලේ ආර­ම්භක පිති­කරු යුග­ල­යම ලකුණු 15ක් ඇතු­ළත ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවූහ. ලකුණු අතරේ සිටින පැතුම් නිශ්ශංක ඉනිමේ දෙවැනි ඕව­ර­යේදී  කඩුල්ල මුවා කිරී­මට හසු­ක­ර­ගත් ටස්කින් අහ­මඩ් ඔහුගේ ඊළඟ ඕව­ර­යේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4කට දවා­ග­ත්තේය. නායක කුසල් මෙන්ඩිස් සමඟ එක් වූ සදීර සම­ර­වි­ක්‍රම ශ්‍රී ලංකා ඉනිම පිළි­ස­කර කිරීමේ උත්සා­හ­යක නිරත වූවද,  මුෂ්ටා­ෆි­සුර් රහ්මාන්ගේ පන්දු­වක් හමුවේ ඔහු දැවී­යෑ­මත් සමඟ  ශ්‍රී ලංකා පිලට තුන්වැනි කඩුල්ල  අහිමි වූයේ මුළු ලකුණු 41කදීය.  අන­තු­රුව පිටි­යට පැමිණි චරිත් අස­ලංක බංග්ලා­දේශ පන්දු යව­න්නන්ගේ පීඩ­න­යෙන් මිදී­මට ගත් උත්සා­හය තර­මක් සාර්ථක වුවත්, මුළු ලකුණු සංඛ්‍යාව 74 දී කුසල්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා පිල යළි ඇද වැටිණි.

ජනිත් ලිය­නගේ පැමි­ණී­මත් සමඟ එක්ව පස්වැනි කඩු­ල්ලට ලකුණු 43ක සම්බ­න්ධ­තා­වක් එක් කළ චරිත් අසං­ලක ලකුණු 37ක් ලබා සිටි­යදී දැවී යෑමෙන් පසු පැමිණි දුනිත් වෙල්ලා­ලගේ සහ වනිඳු හස­රං­ග­ගෙන් ජනිත්ට කිසිදු දාය­ක­ත්ව­යක් නොලැ­බිණි. ලකුණු 154කට කඩුලු 7ක් බිඳ වැටී දැඩි පීඩ­න­ය­කට පත්ව සිටි­යදී අට­වැනි කඩු­ල්ලට ජනිත් සහ මහීෂ් තීක්ෂණ එක්ව ගොඩ නැඟූ ලකුණු 60ක සම්බ­න්ධ­තාව ශ්‍රී ලංකා පිලේ අස්වැ­සි­ල්ලට හේතු විය.

මේ දෙදෙනා එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 214 දක්වා රැගෙන ගිය අතර, එය බිඳ වැටුණේ සෞම්‍ය සර්කාර්ගේ පන්දු­ව­කට තීක්ෂණ ලකුණු 15කට දැවී යෑමත් සම­ඟය. ශ්‍රී ලංකා ඉනිමේ අව­සන් කඩුලු දෙකම බිඳ වැටුණේ ටස්කින් විසින් යවනු ලැබූ ශ්‍රී ලංකා ඉනිමේ අව­සන් ඕව­රයේ අව­සන් පන්දු 2දීය. පන්දු යැවී­මේදී ටස්කින් කඩුලු 3ක් දවාලූ අතර, මුෂ්ටා­ෆි­සුර් රහ්මාන් සහ මෙහ්දි හසන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT