Saturday, May 10, 2025
Home » පාකිස්තාන මිසයිල ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 8ක් මරුට

පාකිස්තාන මිසයිල ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 8ක් මරුට

by sachintha
March 20, 2024 1:32 am 0 comment

පාකිස්තාන හමුදාව විසින් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් සිදු කළ බව පාකිස්තානය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ ප්‍රහාරය පාකිස්තාන හමුදා සෙබළුන් 7 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා ඇෆ්ගනිස්තානයෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

පාකිස්තාන හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් දරුවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, සිය දේශසීමා හමුදාව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ද තලේබාන් රජය නිවේදනය කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් පාකිස්තානයෙන් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බවටත්, පාකිස්තානයේ සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ඇෆ්ගනිස්තානයේ සහාය ලැබෙන බවටත් පාකිස්තානය චෝදනා කළ ද, එම චෝදනා තලේබාන් රජය ප්‍රතික්ෂේප කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT