Home » අහුන්ගල්ලේ නාන ළිඳකින් ජීව උණ්ඩ දහයක් හමුවෙයි

අහුන්ගල්ලේ නාන ළිඳකින් ජීව උණ්ඩ දහයක් හමුවෙයි

by sachintha
March 20, 2024 1:00 am 0 comment

 

අහුන්ගල්ල වැලිකන්ද පොදු නාන ළිඳේ තිබී ජීව උණ්ඩ දහයක් ඊයේ (19) සවස සොයාගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි.

බෝර 12 වර්ගයේ උණ්ඩ හතක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් භාවිත කරන එම්. 16 වර්ගයේ උණ්ඩ තුනක් මෙසේ සොයා ගෙන තිබේ.

ප්‍රදේශයේ තරුණ පිරිස විසින් පවතින නියඟය නිසා ළිඳ භාවිත කිරීමට ඉසින විටදී මෙම උණ්ඩ හමු වී ඇති අතර පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස්පතිතුමාගේ සංකල්පයක් මත මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම නිසා බිය වී මෙම උණ්ඩ ළිඳට දමන්නට ඇති බවත්, යම් අපරාධයක් කිරීම සඳහා ගෙනෙන ලද ඒවා බවට විශ්වාස කරන බවත් පොලිසිය පවසයි.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක රම්‍යසිරි ද සිල්වා සහ පොලිස් සැරයන් ජයසිංහ (68002) යන මහත්වරු ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අහුන්ගල්ල සමූහ අනුර යසමිත්

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර් ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT