257
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකා ප්රවීණයන්ගේ ගාල්ල දිස්ත්‍රික් සංගමය වාර්ෂිකව පවත්වන 4වැනි සුහද හමුව පසුගියදා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. මිලින්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අහුංගල්ල “VILLA GAGANI” හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හික්කඩුවේ පදිංචි විශ්‍රාමික ඒ.එම්. වීරසිංහ (83) මහතාට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා එම සිහිවටන සමරු ඵලකය පිරිනැමූ අවස්ථාව. සංගමයේ සභාපති එම්. ඩබ්ලිව්.ජේ. ජයලත්, ලේකම් ඩී. ගාමිණී, භාණ්ඩාගාරික එම්.එස්. ප්‍රියන්ත යන මහත්වරුද මෙහි සිටිති.