Home » සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංස්ථාවෙන් වෙන් කරයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංස්ථාවෙන් වෙන් කරයි

by sachintha
March 20, 2024 1:45 am 0 comment

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලිබල හා බලශක්තිය ඇමැති කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් සියයට 25ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබනු ලබයි.

අදාළ පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මඟින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

එබැවින් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස වෙනම ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT