402
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ (19) දිනයේදී රුපියල් 299.29ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් සටහන් විය.
ඒ අනුව පසුගිය 2023 වසරේ ජූලි මස 05 වැනිදාට පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300 ට වඩා අඩු වී ඇත්තේ පළමු වරට බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (19) නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මහින්ද අලුත්ගෙදර