විපක්ෂය මඟින් ජයගත නොහැකි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම නිසා සම්මත කිරීමට තිබූ වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් පසෙකට ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
කථානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
කවදාවත් ජයගත නොහැකි විශ්වාසභංගයක් බව දැන දැනත් මේ දේ ගෙනාවා. මේක දිනන්න බෑනේ. වැදගත් පනත් කෙටුම්පත් ගණනාවක් සම්මත වීමට තිබියදීත් එය පසෙකටලා මේ විශ්වාසභංගය ගෙනාවා. විපක්ෂය ගණිත ගැටලු සමඟ සෙල්ලම් කරමින් ජනතාව මුළා කිරීමට හදනවා.
කථානායකවරයා නීත්‍යනුකූලව වැඩ කරන පුද්ගලයෙක්. එතුමාට එරෙහිව මේ විශ්වාසභංගය උචිත නැහැ. පොලිස්පතිවරයා ගැනත් විවිධ චෝදනා එල්ල කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවට යම් පුද්ගලයෙකු පත් කළ පසුව ඡන්දය දීමට එතුමාටත් අයිතිය තිබෙනවා. රටේ ජනතාවට දැනෙන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. කථානායකවරයා ඉවත් කළ හැකි බවට ඉඟියක් හෝ තිබෙන අවස්ථාවක මේ යෝජනාව ගෙනාවා නම් කමක් නැහැ. එහෙම නැති අවස්ථාවක මේක ගෙන ඒම සුදුසු නැහැ.