Saturday, May 10, 2025
Home » එක් ව්‍යාපාරික පන්තියක් අවලංගු කර වෙනත් ව්‍යාපාරික පන්තියකට තැන දෙන්න ආණ්ඩුව සූදානම් නෑ – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

එක් ව්‍යාපාරික පන්තියක් අවලංගු කර වෙනත් ව්‍යාපාරික පන්තියකට තැන දෙන්න ආණ්ඩුව සූදානම් නෑ – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

by sachintha
March 20, 2024 1:32 am 0 comment

රට තුළ පවතින ව්‍යාපාරික පන්තියක් අවලංගු කර වෙනත් ව්‍යාපාරික පන්තියකට අවස්ථාවක් ලබාදීමට ආණ්ඩුව කිසිසේත්ම කටයුතු නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති ‍ෙෂහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය.

එකම රටක් තුළ බදු සූත්‍ර දෙකක් ක්‍රියාත්මක වන විට දේශීය කර්මාන්තකරුවන්ගේ කඩා වැටීමක් සිදු විය හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉදිරිපත් කිරීමට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

කිසිදු පාර්ශ්වයකට අසාධාරණ වන ආකාරයේ තීන්දු ගැනීමට ආණ්ඩුව සූදානම් නැහැ.

තීරු බදුවලින් නිදහස් සංකීර්ණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළා. එවිට මේ සම්බන්ධයෙන් ලබා දිය යුතු දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡාවකුත් වුණා. සාමාන්‍ය පරිදි ලබා දෙන දීමනාව තුළ කටයුතු කිරීමට ආණ්ඩුව අදහස් කර තිබෙනවා. රටේ පවතින ව්‍යාපාරික පන්තියක් අවලංගු කරලා තවත් ව්‍යාපාරික පන්තියකට අවස්ථාවක් ලබාදීම සිදු කරන්නේ නැහැ. එම නිසා බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදීත්, තීරු බදු සහන ලබාදීමේදීත් දැනට පවතින ක්‍රමවේදය තුළත් ඉන් බැහැරට ගොස් කටයුතු කරන්නේ නැහැ. කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන විදියට තීන්දු ගන්නවා. එක් එක් පාර්ශ්වවලින් ඉදිරිපත් කරන කරුණු පදනම් කරගෙන විවිධ අදහස් ඉදිරිපත් කරනවා. යම් යම් සීමාවන් එනවා. ඒවා සංශෝධන කර සුදුසු පරිදි සකස් කරනවා. ඉදිරියේදී ගුවන්තොටුපොළ පවා පුළුල් විය හැකියි. එතකොට එළියේ තිබෙන භාණ්ඩ ඩියුටි ෆ්‍රී එකට එන්න පුළුවන්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT