Home » ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවටත් තිබිය යුතුයි -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවටත් තිබිය යුතුයි -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
March 20, 2024 1:35 am 0 comment

වව්නියාවේ හින්දු කෝවිලක වන්දනාමාන සිදු කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද තිබිය යුතු අයිතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

වව්නියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවක ඊයේ (19) නිරත වූ අතර මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

ආගමික අයිතිය යනු මානව හා මූලික අයිතියක් බැවින් එම නිදහස සුරැකිය යුතුයි.

ජාති ආගම් කුලමල භේදයකින් තොරව ආගමික හා භාෂණයේ නිදහස තිබෙනවා. එය මූලික හා මානව අයිතියක්. පන්සලක්, පල්ලියක් හෝ කෝවිලක් වේවා කුමන ආගමික ස්ථානයක වුවත් ආගමික කටයුතු කිරීමේ අයිතියක් ඇති බැවින් මෙම ආගමික නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙහි දී ඉල්ලා සිටිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT