Saturday, May 10, 2025
Home » උතුරු-නැඟෙනහිර ජාතිවාදීන්ගේ වලංගුභාවය කල් ඉකුත්වී තිබෙනවා – මන්ත්‍රී විමල් වීරවංශ

උතුරු-නැඟෙනහිර ජාතිවාදීන්ගේ වලංගුභාවය කල් ඉකුත්වී තිබෙනවා – මන්ත්‍රී විමල් වීරවංශ

by sachintha
March 20, 2024 1:00 am 0 comment

උතුරු – නැඟෙනහිර පළාත්වල ජාතිවාදී දේශපාලකයන්ගේ වලංගුභාවය කල් ඉකුත්වී ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් අහිමිවී යන වලංගුභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආගමික සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්ම ස්ථාන ආදී තැන්වලට ඇතුළු වී අර්බුද නිර්මාණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ වඩුනාගල පුරාවිද්‍යාත්මක ස්ථානයක ආගමික වතාවත්හී නිරතවූ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සිදු කළ අදහස් දැක්වීම් අතරතුර සිය අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

එබැවින් මෙම තත්ත්වය වහා පාලනය කිරීමට පියවර ගත යුතු අතර මෙවන් උත්සාහයන්වල නිරත වන පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.

මෙම විවාදයට බඳුන්වී තිබෙන කාරණය වව්නියාව වඩුනාගල කියන ‌‌ ඓතිහාසික පුරාවිද්‍යාත්මක බෞද්ධ ස්ථානයක්. මේ ‌බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල මෑතක සිට දැනුම්වත්ව යම් යම් සැලසුම් සහගත කණ්ඩායම් වෙනත් ආගමික පුද පූජා වතාවත් සිදු කරනවා. මේ මන්ත්‍රීතුමා කියන කාරණය අනුව මෙම ආගමික කටයුතු සඳහා සවස 6 විතර වෙනතෙක් අවසර ලබා දී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT