දකුණුලක පිහිටි ප්‍රමුඛ බාලිකා පාසලක් වන මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකා නිල ලාංඡන පැලඳවීම පසුගිය 14 වැනිදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මහතා සහභාගි විය. මෙහිදී ශිෂ්‍යාවන් 150 දෙනෙකු ශිෂ්‍ය නායිකාවන් ලෙස දිවුරුම් දුන් අතර, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ජී.එස්.ඒ. ජෙනුවි දහම්නි සහබන්දු, උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් ලෙස අහංගම වලවගේ නුවී අකිසා සහ සෙනුදි හසන්‍යා ජයලත් දියණියන් දිවුරුම් දුන්හ. විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය එච්.ජී. හිරුනි උදාරා, විදුහල්පති සුභාෂිනී සිරිබද්දන, ප්‍රාථමික අංශයේ විදුහල්පති පුණ්‍යා මුදලිගේ යන මහත්මීන්, විද්‍යාලයේ ආචාර්යවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
තක්ෂිලා උදයංගනී