Home » කිංග්ස්කෝට් පාලම ජනතා අයිතියට

කිංග්ස්කෝට් පාලම ජනතා අයිතියට

by sachintha
March 20, 2024 1:34 am 0 comment

මහනුවර මාතලේ ඒ නවය මාර්ගයේ අඹතැන්න සිට කහවත්ත දක්වා දිවෙන මාර්ගයේ පිඟාඔය හරහා ඉදිකළ කිංග්ස්කෝට් නව පාලම පෙරේදා (18) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. නෙදර්ලන්ත ආධාර යටතේ රුපියල් ලක්ෂ 650ක් වැය කර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද මෙම නව පාලම විවෘත කරනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරු විසිනි. මෙම නව පාලම ඉදිකළ ස්ථානය ආසන්නයේ තිබුණු පැරැණි පාලම පටු ස්ථානයක ඉතා පහළින් පිහිටා තිබීම හේතුවෙන් වැසි දිනවලදී කැළි කසළවලින් පිරී ගොස් අවහිර වීමෙන් පාලම අවට ප්‍රදේශය හා අකුරණ නගරය ජලයෙන් යටවන බව අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අදාළ බලධාරින්ට පෙන්වා දීම නිසා මෙම නව පාලම ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

නව පාලම විවෘත කළ අවස්ථාවේ පැමිණි සිටි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුට හදබිම අධිකාරිය විසින් චීන රජයෙන් ලද රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා බිත්තර රැක්කවීමේ උපකරණ කිහිපයක්ද බෙදා දෙනු ලැබීය.

කටුගස්තොට සමූහ

එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT