245
ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ධුරයට පත් කළ විශ්‍රාමික මේජර් වජිර කුමාරතුංග මහතා පෙරේදා (18) පැලවත්ත සීනි කර්මාන්තශාලා ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
මෙම අවස්ථාවට ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන්, මෙහෙයුම් නිලධාරීන් වන සමන් අමරකෝන් (පැලවත්ත), කැලුම් ප්‍රියන්ත ලියනගේ (සෙවනගල) යන මහත්වරුන් ඇතුළු පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ වෘත්තීය සමිති නායකයින් සේවක සේවිකාවන් ඇතුළු ගොවීහු විශාල පිරිසක් සහභාගී වූහ.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක