Home » කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ 53 වන සැමරුමට වැඩසටහන් රැසක්

කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ 53 වන සැමරුමට වැඩසටහන් රැසක්

by sachintha
March 20, 2024 1:36 am 0 comment

සීමාසහිත කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ 53 වන සංවත්සරය ඉකුත් 16 වැනිදා වරල්ල පිහිටි සමිතියේ ප්‍රධාන කාර්යාලයේදී අභිමානවත් ලෙස පැවැත්විණි. එහිදී සමුපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන හා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබුණි.

එදින සමිති පරිශ්‍රය තුළ පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. ඊට අමතරව 5 වසර ශිෂ්‍යත්ව විභාගය හා අ.පො.ස සා/පෙළ හා උසස් පෙළ විභාග ඉහළින් සමත් ප්‍රදේශයේ පාසල් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම, සේවක දිරි දීමනා පිරිනැමීම, නව බැංකු ශාඛා විවෘත කිරීම හා සාමාජික ප්‍රතිලාභ පිරිනැමීමට ද අවශ්‍ය පියවර ගෙන තිබුණි. දකුණු පළාත් සමුපකාර නියෝජ්‍ය කොමසාරිස් ජේ. එච්. කුරුප්පු මහත්මිය ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගිවී සිටියහ.

දෙයියන්දර සමූහ – තමරසිරි විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT