වෙඩි වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන වනඅලියෙකු දිඹුලාගල ප්‍රාදේශීය කොට්ඨාසයේ දම්මින්න ප්‍රදේශයේ ඇළක් අසල වැටී සිටින බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. මීට සතියකට ආසන්න කාලයක සිට එම අලියා මඩ ගොහුරක වැටී සිටින අතර, එක් අවස්ථාවක් පමණක් පැමිණ එම අලියාට වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කෙරුවද මෙතෙක් අලියා සුව අතට හැරී නොමැති බවද දම්මින්න ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති. මේ වන විට එම වනඅලියාට ප්‍රදේශවාසීන් විසින් ආහාර හා දියර වර්ග ලබා දෙන අතර, දඩයම්කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව එම වන අලියාගේ කකුලට දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවද ගම්වාසීහු පෙන්වා දෙති. අප මේ පිළිබඳව පිඹුරත්තෑව වනජීවී අඩවි කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ අසාධ්‍ය තත්ත්වයේ වැටී සිටින එම අලියාට ප්‍රතිකාර කිරීම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළගුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තවදුරටත් සිදු කරන බවයි.
සිරිපුර
මදුශානි අබේසිංහ