Sunday, May 11, 2025
Home » වනිඳුට යළිත් තරග තහනමක්

වනිඳුට යළිත් තරග තහනමක්

by sachintha
March 20, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් තරග තහනමක් පැනවීමට කටයුතු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය. බංග්ලාදේශයට එරෙහිව නිමාවූ තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ඔහු විසින් අයිසීසී විනය නීති සංග්‍රහය උල්ලංඝනය වන අයුරින් හැසිරීමෙන් චර්යාධර්ම සංග්‍රහයෙන් 2.8 වගන්තිය කඩ කිරීමේ චෝදනාවට වරදකරු වීම මේ සඳහා හේතු වී තිබේ.

බංග්ලාදේශ ඉනිමේ 37 වැනි ඕවර­‍ය යැවීමෙන් පසු වනිඳු විනිසුරු දුන් තීරණය අප්‍රසාදය පළ කරමින් ඔහුගේ හිස්වැස්ම, විනිසුරුවරයාගෙන් උදුරා ගැනීමෙන් විනිසුරුවරයා සමච්චලයට ලක් ලක් කිරීමක් සිදුව ඇතැයි අයිසීසීය පෙන්වා දී තිබේ. අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීමේ මේ වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් පනවා ඇති අතර, තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් ද නියම කර තිබේ.

මේ සමඟ මාස 24ක් තුළ වනිඳු සම්පූර්ණ කළ දඬුවම් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ යන අතර, මේ නිසා ඔහුට ටෙස්ට් තරග 2ක් හෝ එක්දින හෝ විස්සයි20 4ක තහනමක් පැනවීමට සිදු වෙයි. ඒ අනුව වනිඳුට බංග්ලදේශයට එරෙහිව ටෙස්ට් තරගවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.

කෙසේ වෙතත් වනිඳු මේ ටෙස්ට් තරගාවලියට නම් නොකළේ නම් ශ්‍රී ලංකාව එක්වන ඊළඟ තරගාවලිය විස්සයි20 ලෝක කුසලානය බැවින් ඔහුට එහි පළමු තරග 4ම අහිමි වීමට අවස්ථාව තිබිණි. මින් පෙර ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවති තරගාවලියේදී විනිසුරු විවේචනය කිරීම හේතුවෙන් අයිසීසීය විසින් වනිඳුට තරග දෙකක තහනමක් පැනවූ අතර, ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලියේ මුල් තරග දෙක අහිමි විය.

කෙසේ වෙතත් මින් පෙර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ වනිඳු එම තීරණය යළි හකුලා ගැනීම හේතුවෙන් බංග්ලාද්ශයට එරෙහි ටෙස්ට් තරගාවලියට ද නම් කර තිබේ. ලබන ජුනි මස ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් ජාත්‍යන්තර තරගාවලිය බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියයි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT