Home » ‘My Tribute’ බලන්න ජනපති ඇවිත්

‘My Tribute’ බලන්න ජනපති ඇවිත්

by sachintha
March 21, 2024 1:00 am 0 comment

ෂෙනුක් විජේසිංහ මහතා, සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෙරේදා (19) පස්වරුවේ එක් වූහ.

කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද, නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය. ෂෙනුක් විජේසිංහ මහතා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ලන්ඩනයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියකු ද වේ. කුඩා අවදියේදීම පියානෝ වාදන පුහුණුව ආරම්භ කළ ඔහු වයස අවුරුදු 5 දී ගායන පුහුණුව ආරම්භ කර ඇති අතර සෞන්දරී ඩේවිඩ් රොද්‍රිගෝ මහත්මිය සහ චි හෝ මැක් මහතා යටතේ ලන්ඩනයේ ගායනය පිළිබඳ රාජකීය පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

ෂෙනුක් විජේසිංහ මහතා ගායනය, වාදනය සහ රංගනය යන ක්ෂේත්‍රයන්හි විවිධ දස්කම් දක්වා ඇති අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත. දෙස් විදෙස් රසිකයින් රැසක් මෙම ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT