Home » ‘මානුෂීය ජනතා සන්ධානය’ ඇරැඹේ

‘මානුෂීය ජනතා සන්ධානය’ ඇරැඹේ

by sachintha
March 21, 2024 1:00 am 0 comment

ආර්ථික, දේශපාලනික, සමාජයීය විප්ලවයක් අරමුණු කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මනුෂ්‍යත්වයේ හෘර්ද සාක්ෂිය මැයෙන් ‘මානුෂීය ජනතා සන්ධානය‘ ජනගත කිරීම ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ඊයේ (20) සිදු කෙරිණි.

එහි දී සුළු පක්ෂ 20ක් සමඟ නව සන්ධානය ජනගත කරනු ලැබුණු අතර මේ අවස්ථාවට සමඟි ජනබල වේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරන් මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT