දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීමේ ‘‘Golden Inmediens 2023‘‘ ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී පෙරේදා (19) පැවැත්විණි.දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යමින්, ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින්, සංචාරක ක්ෂේත්රයේ දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයන් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ ,නිෂ්පාදන, සේවා යන අංශ නියෝජනය කරමින් විශිෂ්ටතමයන් 60 දෙනෙකු සඳහා සම්මාන ප්රදානය කළහ.
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මේ ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධාන කර තිබිණි. දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීම, දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කර ගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන්හි මඟ පෙන්වීම මත මෙය ක්‍රියාත්මක කර තිබිණි.
ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා,මහින්ද අමරවීර,වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන නීතීඥ සිසිර ජයකොඩි, ජානක වක්කුඹුර,සීතා අරඹෙපොළ,දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න,ශම්මි දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුළත්මුදලි මහත්ම මහත්මීන්,ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයුර්වේද ක්ෂේත්රයට අදාළ ව්‍යවසායකයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර