හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය. ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා කැපවෙමින්, ඒ ඒ රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවාවක් ලබා දෙන හේමාස් රෝහල් ජාලය කාන්තාවන් සඳහාම විශේෂයෙන් සකස් කරන ලද සෞඛ්‍ය පැකේජ මාලාවක් හඳුන්වා දී ඇත. එමෙන් ම ආකර්ෂණීය මිල ගණන් යටතේ ලබා දෙන මෙම සෞඛ්‍ය පැකේජ විවිධ බැංකු හරහා මෙන්ම ඩිජිටල් සෞඛ්‍ය සේවා හරහා සීමිත කාලයක් සඳහා ලබා ගත හැකිවීමද විශේෂිත ය. ඒ අනුව, හේමාස් රෝහලෙන් පමණක් ලබා ගත හැකි පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මැමෝග්‍රෑම් පරීක්‍ෂණය කාන්තාවන්ට ඉතා සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර, පියයුරු පිළිකා කල් තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් ජීවිත අවදානම මඟහරවා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි. මාර්තු මාසය තුළ ක්‍රියාත්මක වන HER MARCH වැඩසටහන, පියයුරු පිළිකා හඳුනා ගැනීමේ මැමෝග්‍රෑම් පර්යේෂණ වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කිරීමට හේමාස් රෝහල කටයුතු කරයි.
HER MARCH වැඩසටහනට සමගාමීව පුළුල් පරාසයක සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළත් WellWomen පැකේජයක් පිරිනැමීමට හේමාස් රෝහල් ජාලය කටයුතු කරන අතර එහි දී full blood count සහ lipid profile, TSH හා ESR පරීක්ෂණ ආදී වශයෙන් සෞඛ්‍ය පරීක්ෂණ ගණනාවක් සඳහා විශේෂ වට්ටම් පිරිනැමීම විශේෂිතය.
යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා යහපැවැත්මේ වැදගත්කම ප්‍රවර්ධනය කරමින් සිය නිවාරණ සෞඛ්‍ය සේවාවන් ද පුළුල් කිරීමට කටයුතු කර ඇති හේමාස් රෝහල් ජාලය, අනාගතයේ ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු කල් තියා හඳුනා ගැනීම සඳහා විවිධ වූ පර්යේෂණ ප්‍රවර්ධනය කරයි.