Home » Phoenix Industries සමාගම Super PVC සන්නාම‍යෙන්

Phoenix Industries සමාගම Super PVC සන්නාම‍යෙන්

by damith
March 23, 2024 1:12 am 0 comment

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ

සිය වැඩිදියුණු කළ PVC නිෂ්පාදන පෙළ යළි දියත් කර තිබේ. ඊට අදාළ උත්සවය Phoenix සමාගමට අයත් මාකඳුර

කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි. ඉදිකිරීම් සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය UPVC සහ CPVC පයිප්ප සහ උපාංග, FAB Bends, Solvent Cements, Cable Management Tubes සහ වෙනත් ගොඩනැගිලි උපකරණ එම නිෂ්පාදන අතර වේ. කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපෘති කළමනාකරුවන් සහ සාමාන්‍ය ජනතාව වැනි බොහෝ පාර්ශ්ව අතර ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Phoenix නිෂ්පාදනවල ඇති සුවිශේෂ ශක්තිමත් බව, දරාගැනීමේ හැකියාව සහ කාර්යසාධනය වඩාත් හොඳින් පිළිබිඹු වන ආකාරයෙන් මෙම නිෂ්පාදන සන්නාමගත කර ඇත.

සිල්ලර අලෙවිසල් සහ ඔවුන්ගේම වෙළෙඳසල් හරහා PVC නිෂ්පාදන අලෙවි කරමින් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසුවන Phoenix සමාගම මේ හරහා සිය සැපයුම් ජාලය වඩාත් ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇත. UPVC, CPVC, උපාංග, සිමෙන්ති සහ අනිකුත් සියලු PVC නිෂ්පාදනවලට අදාළ නවතම PVC ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

දශක ගණනාවක් පුරා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ PVC උපාංග නිෂ්පාදනය කිරීමටත්, ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමටත් Phoenix සමාගම කටයුතු කරයි. Super PVC කාණ්ඩයට අයත් නිෂ්පාදන ජල නළ කාර්මිකයන්, විදුලි කාර්මිකයන් සහ නිවෙස් හිමිකරුවන් වැනි සියලු දෙනාට ප්‍රයෝජන රැසක් ගෙන දෙනු ඇත. superpvc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ළඟම ඇති Phoenix අලෙවිසලට හෝ අලෙවි නියෝජිත මධ්‍යස්ථානයට ගොස් මෙම නිෂ්පාදන පිළිබඳ සියලු තොරතුරු ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT