අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් නිවස්නයක් වැටලීමෙන් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීමට ක්‍රියාකළ බවට මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පනවා ඇති නඩුවේ සාක්ෂි විභාගය පෙරේදා (21) අවසන් විය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ විත්තිය සාක්ෂි විමසීම සිදු විය. 2002 වසරේ ජනවාරි 1 දා සහ 2002 සැප්තැම්බර් 3 දා අතර කාලයේ දී කොළඹ අතුරුගිරිය, මහනුවර සහ කඩුගන්නාවේ දී හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන යුද රහස් හෙළිකිරීම, ඔවුන් භාවිත කළ යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරුප ගත කිරීම සහ වීඩියෝ ගත කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩුව පවරා තිබේ. ලේඛන සංශෝධන හා දේශන සඳහා නඩුව අප්‍රේල් 4දා කැඳවන බව මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වීය.
හිටපු සහකාර පොලිස් අධිකාරි උඩුගම්පොළට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන්
නඩුව අප්‍රේල් 4දා කැඳවයි
by damith
March 23, 2024 1:02 am
0 comment
චන්දන ජයවීර
310